(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිවිල් ඉංජිනේරුවරයකු පැද වූ කැබ් රථයක් අඟුරුවාතොට නාර්තුපාන පාලම අසල තිබී සොයාගත් අඟුරුවාතොට පොලිසිය පවසයි.
කැබ් රථය තුළ තිබී මුදල් පසුම්බියක්, ලැප්ටොප් පරිගණකයක් හා ඇඳුම් පැළඳුම් පොලිසිය මගින් සොයාගෙන ඇත.
බොරලැස්ගමුව පදිංචි අවුරුදු 66 පුද්ගලයකු බව අනාවරණය කරගෙන ඔහුගේ බිරිඳ ෙ බොරලැස්ගමුව පොලිසිය වෙත මේ වන විට පැමිණිලි කර ඇත.
මෙම පුද්ගලයා මුල්ගම, බලංගොඩ කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයක සභාපති ලෙස රැකියාව සිදුකර ඇති අතර සිවිල් ඉංජිනේරුවරයකු වශයෙන් කටයුතු කර ඇති බව කරුණු අනාවරණය කරගෙන ඇත.
පානදුර අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

