(ක.ග.කරුණාරත්න)
වැලිකන්දට නුදුරු විහාරස්ථානයක තාවකාලිකව නවාතැන්ගෙන සිටි සිවිල් ආරක්‍ෂක භටයෙකු හදිසියේ මිය ගොස් සිටියද’ ඔහුගේ මළසිරුර අද(07) විහාරස්ථාන භුමියේ තිබී හමුවී ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත තේ වැලිකන්ද පොල’සියට අනුයුක්තව රාජකාර’ කරමින් සිටි මහියංගණය හෙවන්වත්ත ,ගල්බොක්ක, අංක176 පෞද්ගලික ලිපිනයේ පදිංචි 52 හැවිරිදි අත්නායක මුදියන්සේලාගේ ආරියසේන නැමැති එක්දරු පියෙකි. ඔහු රාජකාරී නිමවා පැමිණ විහාරස්ථානයේ තාවකාලිකව නවාතැන් ගන්නා බව වැලිකන්ද පොලීසියේ නිලධාරියෙකු ප‍්‍රකාශ කළේය.
සිවිල් ආරක්‍ෂක භටයාගේ මරණයට හේතුවක් අනාවරණයවී නොමැති අතර පශ්චාත් මරණ පර’ක්‍ෂණයක් සඳහා පොලොන්නරුච මහරෝහලට රැගෙනවිත් තිබේ.
ජ්‍යෙෂඪ පොලිස් අධිකාරී ධමිමික වීරසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් අධිකාර’ තිස්ස ලාල්ද සිල්වා මහතාගේ මෙහෙයැවීමෙන් වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති පොලිස් පර’ක්‍ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව පර’ක්‍ෂණ පවත්වයි.

