සිවිල් අපරාධ නීති සංශෝධනයට


දශක ගණනාවක් පැරණි සිවිල් නඩු විධාන සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම් සුහද කේ. ගම්ලත් මහතා පවසයි. මේ සඳහා වන යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත බවද හෙතෙම කියයි.