සිවාජිලිංගම්ගේ නාඩගම් ඩයස් පෝරාවෙන් වාසි ගන්නයි - ඇමැති රුවන්


(සමන් විජය බණ්ඩාර)

ත්‍රිවිධ හමුදාව දිනාගත් නිදහස භුක්ති විඳමින් උතුරේ පහන් පත්තු කරමින් ත්‍රිවිධ හමුදාව හෑල්ලු කරන්න ඉඩ නොදෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද අරණායකදී පැවැසීය.

අරනායක සාමසර කන්ද නාය යාමෙන් අවතැන් වූ ජනතාවට සෙනෙහෙ සියපත වෙතින් නිවාස ලබාදීමේ උත්සවයට සහභාගීවෙමින් වසන්තගමදී රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා මේ බව කීවේය. 
“උතුරේ ඇතැම් දේශපාලනඥයින් විටින් විට  අපේ හමුදාව විවේචනය කරනවා. නමුත් පීඩාවක් සිදුවන  සෑම අවස්ථාවකදීම පිහිටට එන්නේ  ත්‍රිවිධ හමුදාවයි.“
“සිවාජිලිංගම් හතර පස් දෙනෙක් වට කරගෙන පහන් පත්තු කර කර අපේ හමුදාව විවේචනය කිරීම ගැන අප කනගාටු වෙනවා. නමුත් එතුමාට මතක් කරන්න ඕනෑ ඔහුට නාඩගම් නටන්න පුළුවන් වුණේ ත්‍රිවිධ හමුදාව දිනාගත් නිදහස් නිසායි.....ඩයස්පෝරාවේ සල්ලි ගන්න තමයි ඔහු එහෙම නාඩගම් නටන්නේ.“ යයි කී විජයවර්ධන මහතා...
“දැන් මොන නාඩගම නැටුවත් කමක්. නෑ ඉදිරියේදිත් එහෙම නටන්න ආවොත් ඒ නටන තාලේ අපි පෙන්නලා දෙන්නම්“ යයිද පැවසීය.