සිව් හැවිරිදි දැරියකට අතවර කළ මුරකරුවෙක් වසර හතක් හිරේට


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
පෙර පාසල නිමවී සිය මව පැමිණෙන තුරු බලා සිටි සිව් හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වරදකරු වු දේවස්ථානයක මුරකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා වසර 07 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (07) නියම කළේය.


68 වැනි වියේ පසුවන විත්තිකාර දේවස්ථාන මුරකරුට අත්හිටවු සිරදඬුවම් නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටි අවස්ථාවේදී මෙවැනි බරපතල වරදක් කළ පුද්ගලයකුට අත්හිටවු සිරදඬුවම් නියම කළහොත් ඉන් සමාජයට වැරදි පුර්වාදර්ශයක් වියහැකි යැයි පවසමින් විනිසුරුවරයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.


මීට වසර දහයකට පමණ පෙර මෙම අපරාධය සිදුකළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබු අතර මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා විසින් තීරණය කරන ලදී.


 විත්තිකරු චෝදනාවන්ට වරදකරු කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මේ වන විට වයෝවෘද්ධ වියේ පසුවන තම සේවාදායකයා මෙම සිද්ධිය  සම්බන්ධයෙන් දැඩිලෙස පසුතැවෙන්නේ යැයි පැවසීය.


එහෙයින් ඔහුට බන්ධනාගාර ගත නොවන ආකාරයේ සිරද`ඩුවමක් නියම කරන්නැයි නීතීඥවරයා ඉල්ලා සිටියේය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් මෙය බරපතල අපරාධයක් බවත් සමාජයේ සෙසු අය මෙවැනි වැරදි වලින් ඈත් කර තබන ආකාරයේ ද`ඩුවමක් විත්තිකරුට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.


ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙය බරපතල වරදක් බවත් මෙවැනි වරදක් කළ විත්තිකරුවකුට අත්හිටවු සිරදඬුවම් නියම කරනු ලැබුවහොත් ඉන් සමාජයට වැරදි පුර්වාදර්ශයක් වියහැකි යැයි පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරම්නි විත්තිකරුට නියම කළ වසර 07ක සිරද`ඩුවමට අමතරව රුපියල් දසදහසක දඩයක්ද නියම කළේය.