සිව් හැවිරිදි දරුවාට බියර් පෙවූ අයකු මාට්ටු


(ඉන්දිකා රාමනායක)

වයස අවුරුදු 4 ක කුඩා දරුවකුට බීර පෙවූ බව කියන 25 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කියයි.

මෙම දරුවාට  පානය කිරීම සඳහා බියර් දෙන අන්දම දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ අනව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.

මෙම සිද්ධිය පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ දී සිදුව ඇති අතර සැකකරු ද එම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. .

සැකකරු අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.