(ජුඩ් සමන්ත)
පොල්ලකින් පහර දී සිව් දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ මහවැව - ගල්අමුණ පදිංචිව සිටි මරුදෙස් සුගන්දරාමන් (56) නම්වූ අයෙකි.
මිය ගොස් සිටින අය පදිංචි පොල් වත්ත ඉදිරිපිට මාර්ගයේදී මෙම පහර දීම සිදුවී ඇති බව මූලික විමර්ශන වලදී හෙළිවී ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි වසර 20 කට පෙර මහවැව - ගල්අමුණ ප්‍රදේශයට පැමිණ පොල් වත්තක නිවසක් සාදාගෙන පදිංචිව සිට ඇත.
ඔහුට ස්ථීර රැකියාවක් තිබී නොමැති නමුත් කුලී වැඩ කර ජීවිකාව ගෙන ගොස් ඇත.

