සිරාජ් හසීම්
දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් චෝදනා සහගත අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
එමෙන්ම ඉදිරි දින කිහිපය තුළදී සිය නීතිඥයින් මාර්ගයෙන් සිවශක්ති ආනන්දට එරෙහිව නඩු මගට බසින අතර ඒ පිළිබඳ ඔවුන් සිවශක්ති ආනන්දන් මහතා වෙත දැනුම් දෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය. .
මේ වසර සඳහා ඉදිරිපත් කළ රජයේ අයවැයට සහාය විම සඳහා තමන් හැර දෙමළ ජාතික සන්ධානයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රුපියල් දෙකෝටිය බැගින් රජයෙන් අල්ලස් ගෙන ඇති බවට කරන ලද චෝදනාවන් මත මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද හෙතෙම කීය.
ස්ථීර විසදුමක් කරා යන ගමනේ පළාත් පාලන මැතිවරණයේ වැදගත්කම යන තේමාවෙන් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සංවිධානය කළ මහජන හමුවක් අද යාපනය වේන්දන් කලා මණ්ඩපයේදී පැවැත්විනි.මෙම වැඩසටහනට එක්වෙමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.

