සිල්මාතාවට අතවර කළැයි රිමාන්ඞ්
නඩුවක දඩයක් ගෙවීමට මුදල් ඉල්ලා ආරාමයකට ඇතුළු වී එහි තනිව වැඩ විසූ දසසිල් මාතාවකට අතවර කළැයි කියන සැකකරුවකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය. කැලණියේ ගෝනවල දසනායක ආරච්චිගේ සරත් ප‍්‍රියන්ත ඔහුය.

