පොල්ගම්පොළ රත්මලේ සිට දේහය සහිත පෙට්ටියක් වලල්ලාවිට මීගහතැන්න ආදාහනාගාරයට අද (30) සවස 3.45ට පමණ ගෙන ආ නමුත් එහි සේවකයන් ආදාහනාගාරයට ඉබි යතුරු දමා ගොස් සිටි බව නෑයෝ කියති. ආදාහනාගාරය වසා තිබූ බව සභාපති උදේනි අතුකෝරළ මහතා ද පිළිගනී. ඔහු පැවසුවේ ආදාහනාගාරයේ මුදල් බාරගත් පුද්ගලයා ඒ බව සේවකයන්ට නොදැන්වීම මීට හේතු වූ බවයි.
මේ ගැන සභාපතිවරයාගෙන් විමසූ සැණින් ඔහු සභාවේ වරද පිළිගෙන මරණකරුගේ ඥාතීන්ට කණගාටුව පළකලේය. අනතුරුව හැකි ඉක්මණින් ත්‍රිරොද රියක් යවා සේවකයන් ආදාහනාගාරයට ගෙන්වා ආදාහනය කරවූයේය. මියගිය පුද්ගලයාගේ සිරුර පැයක් තිස්සේ ආදාහනාගාරය ඉදිරියේ තබාගෙන සිටීමට සිදුවියැයි ඇගේ ඥාතීයෙක් වන ප්‍රදීප් සංජීව මහතා කීවේය.
සිදුවීම පිළිබඳව සභාපතිවරයා දැනගැනීමෙන් අනතුරුව අදාල කම්කරුවන් ත්‍රී රෝද රියක් පිටත් කැර ගෙන්වා එම කටයුතු සදහා පසුව කටයුතු කර තිබූණි

