සිරියාවේ කැරළි කණ්ඩායම් යටතේ පවතින නැගෙනහිර ගොවුටා ප්‍රදේශය වෙත සිරියානු රජයේ හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් දරුවන් 20දෙනකු ඇතුළු සාමාන්‍ය වැසියන් 94දෙනකු පමණ මියගොස් ඇතැයි යුද නිරික්ෂක කණ්ඩායම් පවසති.
ඒ ආසන්නයේ පිහිටි දමස්කස් නගරයේද ගුවන් ප්‍රහාර, රොකට් ප්‍රහාර හා ෂෙල් වෙඩි හේතුවෙන් 325දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ නැගෙනහිර ගොවුටාහි 400000ක පමණ පිරිසක් ජීවත් වන බවයි.
2013 වසරේ සිට පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට ජීවිත රැසක් අහිමි වී ඇති බවද බොහෝ පිරිසක් අවතැන් වි ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
ගොවුටාව දමස්කස් ආසන්නයේ කැරළිකරුවන්ගේ ග්‍රහණයේ පවතින අවසන් බල ප්‍රදේශය වන අතර සිරියානු හමුදා මෙම ප්‍රදේශය නතුකරගැනීම සඳහා පෙබරවාරි මුල් සතියේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබීය.
(රොයිටර් ඇසුරිනි - 085)