
(රංජිත් රාජපක්ෂ)
2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරිමට ප්‍රථම හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව තකා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා ඇද ඇති වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ලංකා විදුලි බල මණ්ඩලය මගින් ආරම්භ කෙරිණි.
එම මාර්ගයේ ඇද ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධතියට අකුණු සැර නොවදින සේ අලුත් තාක්ෂණ උපකරණ සවි කිරිමටත් කැඩී ගොස් ඇති විදුලි කණු සහ උපාංග වෙනුවට අලුතින් සවි කිරිමේ කටයුතු සිදු කරන බව මධ්‍යම පළාත් 02 ප්‍රධාන ඉංජිනේරු බෙදාහැරීම් සහ නඩත්තු ඉංජිනේරු එම්.අයි.රිම්ශාඩ් මහතා කියා සිටියේය.
මෙම නඩත්තු කටයුතු සදහා නුවරඑලිය, ගිනිගත්හේන, කෑගල්ල, පේරාදෙණිය යන වැඩ ඒකක වල සේවකයින් 80 දෙනෙකු පමණ සහභාගි කර ගත් බවත්, 2025-2026 ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වන තෙක් එම විදුලිය ලබා දිමේ නඩත්තු කටයුතු සිදු කරන බවයි එම්.අයි.රිම්ශාඩ් මහතා පැවසීය.



