සිරිපා රක්ෂිතයේ පාසටහන් ගැන පුරාවිද්‍යා විමර්ශනයක්


(රංජිත් රාජපක්‍ෂ) 
 
ශ්‍රී පාද රක්‍ෂිතයේ ගල් තලාවක් මතින් මතුවු පා සටහන් දෙක සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරික්‍ෂණයක් ආරම්භ කර තිබේ.   
 
මස්කෙළිය ගාඩිමෝර් නව ෆෝප්මොර් වතුයායේ ගල්තලාවක් මතින් මතුවු විශාල පා සටහන් වලට සමාන පාද සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  නිලධාරීහු  අද (23) එම ස්ථානයට පැමිණ පරික්‍ෂණ ආරම්භ කළහ.
 
මෙම පාද සටහන් මුලින්ම දැක තිබූ වතු කම්කරුවන්ගෙන් ද පුරා විද්‍යා නිලධාරීහු ප්‍රකාශ සටහන් කර ගත්හ.
 
එම පා සටහන් වලට මේ වන විට වතුකම්කරුවන් පුද සත්කාර කරන අතර එම පාද සටහන් දැක ගැනීමට   විශාල පිරිසක් දිනපතා එම වතුයායට පැමිණෙති.

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින්  ශ්‍රීපාද රක්‍ෂිතයට ආසන්නයේ විශාල ගල් තලාවක් මත පිහිටා ඇති මෙම පාද  සටහන් වලින් දකුණු පාදය පැහැදිලිව දිස්වන අතර වම් පාදයේ සටහන් තරමක් මැකි ගොස් තිබේ.