උතුරු මැද වකුගඩු රෝගී පවුල් 400කට වියළි සලාක හා අධ්‍යාපන උපකරණ ලබා දීම දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ (සිරි සමන්තභද්‍ර හිමි) ප්‍රධානත්වයෙන් මැදිරිගිරියේ දී සිදු කැරිණි.
එක් පවුලක් සඳහා පාසල් දරුවන්ට රුපියල් 1500ක පොත් පත් හා නිල ඇඳුම් රෙදිද, දෙමාපියන්ට රුපියල් දෙදහසක බඩු මල්ලක් සමඟ රුපියල් පන්සියයක් ද පිරිනැමිනි.
සිරි සදහම් ආශ්‍රමයේ කැපකරු දායක සභාව හා විධායක කමිටුව මේ සත්කාරයට මුල් විය.











