සිරිකොතට බර හානි
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් යයි කියාගන්නා පිරිස් සිරිකොත ඉදිරියේ ගල් මුල් ගසමින් දොර ජනෙල් කඩා දමද්දී ගොඩනැගිල්ලේ ඇතළේ සිටින පිරිස් ආරක්ෂාව සොයා තැන් තැන්වලට දිවූහ. පොලිසියේ 20ක් 30 ක් හා ඇමැති ආරක්ෂකයන් හැරුණුකොට කලබලය මැඩීමට පොලීසියේ අතිරේක බළඇණි කලබලය වී පැයකට පසුවද පැමිණියේ නැත.
සිරිකොත ඉදිරිපිට බුදුමැදුර ද කැඩී බිදී තිබිණි. නොකැඩුණු ජනේලයක් හෝ දොරක් සොයා ගත නොහැකිය. ඇතැම් පිරිස් මාධ්‍යවේදීන් සිටි තැන්වලටද පැන කලබල කරන්නට වූහ.

