සිරිකොතට ගැසූ පහළොස් දෙනෙක් හඳුනා ගැනෙති
සිරිකොතට පහර දී අලාභහානී කළ අය අතර වයඹ, දකුණු හා බස්නාහිර පළාතේ නාගරික, පළාත් සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන් ඇතුළු පහළොස් දෙනකුගේ පමණ නම් මිරිහාන පොලිසිය සතුය. පොලිසිය සිරිකොතේදී අද සවස එහි පරිපාලන අධ්‍යක්ෂ ඩී.බී. මැදගෙදර, තිස්ස අත්තනායක මහතාගේ රියැදුරු හා ආරක්ෂක නිළධරයාගේ කට උත්තර ලියා ගත්තේය. සිද්ධිය ඇසින් දුටු තවත් සාක්කිකරුවන් පොලිසියට කැඳැවීමට ද නියමිතය.

