(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අමාත්‍යංශ ලේකම්වරයකුගේ පිටකෝට්ටේ එපිටමුල්ලේ නිවසේ රාජකාරියට යමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සිරිකොත ඉදිරිපිට නාමපූරුවට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
මිරිහාන පොලිසියට අනුයුක්තව සේවයකරන සැකකාර කොස්තාපල්වරයා අද සවස මෙම වෙඩි තැබීම කර ඇති අතර එම නාමපුරුවේ ඇති අලියා ලංඡනයට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

