|
|
|
|
|---|
මේ යෞවනයා සහ යෞවනිය උපතින්ම ජනප‍්‍රියත්වය රැගෙන ආ දෙදෙනෙකි. මේ යෞවනිය අතුල අධිකාරි සහ සමිතා එරන්දතී නම් වන ජනකාන්ත ගායන ශිල්පී යුවළගේ දියණියයි. යෞවනයා ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් අතර අතිශය ජනප‍්‍රිය වූ සන්ෆ්ලවර් කණ්ඩායමේ නියමුවා වන නීල් වර්ණකුලසූරියගේ බාල පුතණුවන්ය.
කවින්ද්‍යා සහ යුකී වන මේ යොවුන් යුවළ ගැන අද බොහෝ දෙනා කතා කරන්නේ සිරස ටීවී හැන්දෑ යාමයේ දී ගෙන එන සික්ස්ටීන් ප්ලස් (16+) සංගීතමය වැඩ සටහන නිසාය. වත්මන් තාරුණ්‍යයේ රැල්ලට, හැඩයට, පැහැයට ගැලපෙන පරිදි මේ දෙදෙනා එම වැඩ සටහන ඉදිරිපත් කළ ද බොහෝ වැඩිහිටියන්ගේ ආදරය ද දිනා සිටින බව කිව යුතුය. හැන්දෑව තාරුණ්‍යයේ එළියෙන් හැඩ කරන ‘‘කවී සහ යුකී සමග අද අපි කතා කරමු.
යුකී ඔයාගේ සම්පූර්ණ නම සහ අනෙක් විස්තර කිව්වොත්?
වර්ණකුලසූරිය යුකී ඬේව් කෲස්. වයස අවුරුදු විස්සයි. පරිගණක අංශයේ උපාධිය සඳහා අධ්‍යාපනය හදාරනවා. මගේ එකම අයියාත් උසස් අධ්‍යාපනය හදාරනවා. ඉතින් අපි දෙන්නයි, අම්මයි තාත්තයි එක්ක ගෙවන ජීවිතය හරිම සුන්දරයි.
ඇයි තාත්තා වගේ සංගීත අංශයට ආවේ නැත්තේ?
මගේ උපාධිය ලබා ගැනීම තමයි ප‍්‍රධාන අරමුණ. සංගීත අංශයටත් ගොඩක් ලැදියි. ගිටාරය, පියානෝව වයන්න පුළුවනි. මම ගොඩක්ම කැමැති සංගීත නිර්මාණකරණයටයි.
යුකී, කවින්ද්‍යාව හඳුනන්නේ කුඩා කාලයේ ඉඳලමලූ නේද?
ඔව්, කවී නංගිගේ මාපියන් වගේම අපේ මාපියන් අතර මිත‍්‍රත්වය තියෙන්නේ අපි දෙන්නා උපදින්නටත් පෙර සිටයි. කවී උපදින්න පෙර සමිතා අක්කී මුලින්ම වඩාගෙන හුරතල් කරලා තියෙන්නේ මාවයි, අපේ අයියවයිලූ.
කුඩා කාලයේ දී ඔයා ලොකු අනතුරකට මුහුණ දුන්නලූ නේද?
ඔව්, ගෙදර සේවයට හිටපු කෙනා මාව ඔසවද්දී මගේ ඔලූව ෆෑන් එකේ වැදිලා මට සිහි නැති වෙලා ලොකු ඔපරේෂන් එකක් කරන්නත් වුණාලූ. එදා මට සිහිය එනකල්ම අපේ අම්මාවයි, තාත්තාවයි සනසමින් අතුලxසමිතා යුවළත් ළඟම ඉඳලා තියෙනවා. ආරංචිය ගිහින් තිබුණෙ සන්ෆ්ලවර් නීල්ගේ පුතා මැරණා කියලයි. කොහොම හරි එදා අපේ අම්මවයිxතාත්තවයි තනි නොකර, අතුලxසමිතා යුවළ එතැන සිටීම ලොකු ධෛර්යයක් වුණාලූ. ඉතින් ඒ අතීත බැඳීම් අදටත් අපේ පවුල් අතර තියෙනවා.
කවී සහ ඔබ අතර තියෙන බැඳීම මොන වගේ ද?
කවී කියන්නේ ඇත්තටම මට මගේම නංගී කෙනෙක් වගෙයි. මගේම පවුලේ කෙනෙක් වගෙයි.
හැබැයි කවී - යුකී එක්ක ටිකක් තරහලූ නේද? කවී මොකද ඒ ගැන කියන්නේ?
ම්ම්... ම්... ඔව්. ඇයි දන්නවද මම යුකී එක්ක තරහා මොකද කියලා.

නැහැ, ඒක තමයි අපි ඔබගෙන් අහන්නේ?
මෙයා, මට නිතරම විහිළු කරනවානේ. ඒකයි.
සික්ස්ටීන් ප්ලස් (16+) වැඩ සටහන කරන්නෙත් ඒ විදියට ද?
ගොඩක් වෙලාවට එහෙම තමයි. ඒත් අපි නිෂ්පාදක මඩුල්ලේ ආකෘතියට අදාළවයි එය කරන්නේ. අපට ඕනෑ සැහැල්ලූව උපරිමයෙන් පේ‍්‍රක්‍ෂකයාට දනවන්නයි.
යුකී එයාගේ පුද්ගලික දේවල් ඔයාට කියනව ද?
අපි දෙන්නට බෙදා හදා ගන්න පුළුවන් දේ විතරයි කියන්නේ. යුකී එයාගේ හැම දෙයක්ම මට කියන්නේ නැහැ. මම මගේ හැම දෙයක්ම කියන්නේ අම්මිටයි. යුකීගේ වැඬේ ඉතින් පොඩි කාලයේ ඉඳලම මා එක්ක රණ්ඩු කරන එක තමයි.
ඔයගේ සම්පූර්ණ නම කවින්ද්‍යා දේවින්දි අදිකාරි. එත් යාළුවෝ කියන්නේ ‘කවී’ කියලා නේද?
ඔව්. ඒක ලෙහෙසියිනේ.
කවීගෙ අද වන විට අරමුණ මොකක් ද?
තවම උසස් අධ්‍යාපනය නිම කරලා නැහැ. කලින් ගුවන් සේවිකාවක වීමේ අරමුණක් තිබුණා. එත් තවම ඒ ගැන මම හිතලා නැහැ.
කවීට රඟපෑමටත් ආරාධනා ලැබුණාලූ නේද?
එක පාරක් ආරාධනාවක් ආවා. ඒත් මම කැමැති වුණේ නැහැ. හැබැයි මේ ප්‍රෝගෑම් එක නම් සතුටින් කරන්නේ.
යුකී ඔබට රඟපෑමට ආරාධනා ලැබුණේ නැත්ද?
අපෝ ලැබුණත් බාර ගන්නේ නැහැ.
යුකී - කවී ගැන අපි නොදන්න ඔබ දන්න දේවල් තියෙනවා ද?
යුකී කී‍්‍රඩාවලටත් ගොඩක් දක්‍ෂයි. දුවන්න, පනින්න ඔය වගේ මලල ක‍්‍රීඩා ගොඩක් කරනවා මගේ හිතේ.
කවී අපි නොදන්න යුකී ගැන ඔබ දන්නා දෙයක් කිවුවොත්?
යුකී අදටත් පොඩි කාලයේ වගේ තාත්තා බදාගෙන නිදා ගන්නේ. එයා විතරක් නෙවෙයි, එයාගේ අයියත් එහෙමලූ. පාන්දර කීයට ආවත් අම්මයි, තාත්තයි එක්කලූ මේ දෙන්නා නිදා ගන්නේ.

.jpg)
.jpg)
.jpg)
.jpg)
