
(දයාරත්න ඇඹෝගම)
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අනුරාධපුර,දෙවන පියවරේදි සැකපිට අත්අඩංගුවට ගත් වයස අවුරුදු 22 ක තරුණයෙකු පොලිස් සිර මැදිරියේදි රෝගාතුරව ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර දෙවන පියවරෙහි පදිංචි ශානුක ගිහාන් මාරඹගේ නමැති වයස අවුරුදු විසි දෙකක පවුලේ එකම පිරිමි දරුවායි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය මගින් ඊයේ (30) දින මෙම තරුණයා ඇතුළු තවත් තරුණයින් තිදෙනෙකු අනුරාධපුර,දෙවන පියවරේදි අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රදවා තිබුණි.

