සිරගෙයි පුතුට දෙන්න අම්මා කුඩු ගෙනල්ලා


(සුමිත් පොතුපිටිය)

කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය පුත්‍රයාට ලබාදිමට සබන් කැටයක් තුල සඟවා අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල කැබැල්ලක් රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ , ගෝනපල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.

මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය විසින් නඩු පවරා බන්ධනාගාර ගතකර සිටින සිය පුත්‍රයාට ලබාදීම සදහා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බවට හෙලිව ඇති බව පොලිසිය පවසයි .

බන්ධනාගාර නිළධාරින්ට සැකසිටී පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 1300 ක්, කුඩා දුම්කොල කැබැල්ලක් සහ හදුනානොගත් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 1600 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.