සිරකුටි අසළ වළලා තිබූ දුරකථන 35 ක් සොයාගනී


(ජයන්ත සමරකෝන්)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටි කිහිපයක් අසල භුමියේ වලදමා තිබූ ජංගම දුරකථන 35 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බන්ධනාගාරයේ එම් 1 , එම් 2 , ජි 1 , ජි 2 දරණ සිරකුටි ඉදිරිපිට භූමියෙන් පොලිතින් කවරවල බහාලන ලද ජංගම දුරකථන 33 ක්ද සී සිරවාට්ටුව සමීපයේ ඇති භූමියෙන් තවත් ජංගම දුරකථන 2 ක් ද වලදමා තිබියදී සොයාගත් බව එහි ප්‍රකාශකයෙක් කීය.

මෙම සිරකුටි වලින් සී සිරවාට්ටුව  හරුණුවිට අනිත් සිරකුටි 4 හි පාතාල හා මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාතාල කල්ලි සමාජිකයින්  රැසක් රඳවා සිටින බවද වාර්තා වේ.