සිරකරුවන් 244 ජනපති සමාව


(ඉන්දිකා  රාමනායක)

වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන  දිවයින පුරා     බන්ධනාගාරගත ව සිටින සිරකරුවන්    244 දෙනෙකු  ජනාධිපති සමාව යටතේ නිදහස  හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. .

දිවයින පුරා බන්ධනාගාර බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සිරකරුවන්ට නිදහස මෙන්ම තවත් සිරකරුවන්ට ඔවුන්ගේ නිවෙස් වෙත යාමට පොදු සමාවක්  හිමිව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක  පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි..

බන්ධනාගාර ගත   සිර දඩුවම් විඳින සිරකරුවන් හට  ඊයේ සිට   බන්ධනාගාරය තුළ ගත කරන ලද  වසරකට  දින 14 බැගින් න් පොදු සමාව ද,   දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව  සිරදඩුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි විම,  බන්ධනාගාර ගතව සිරදඩුම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු  65 ඉක්මවු සිරකරුවන්ගේ දඩුවමින් හරි අඩක් අඩු කිරීම ‍හා අඩකට වඩා වැඩි කාලයක් දඩුවම් විදින ලද සිරකරුවන්ගේ දඩුවමේ ඉතිරි ශේෂය අහෝසි කිරීම  , මහාධිකරණයෙන් වසර 40 කට හෝ ඊට වැඩි සිර දඩුවම් නියම කර    එම  දඩුවම    වසර 20 කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි යටතේ මෙම සමාව ලබා දී තිබේ.