සිරකරුවන් 160 දෙනෙකුට ක්ෂය රෝගය


ජයන්ත සමරකෝන්

මෙරට බන්ධනාගාරවල සිරකරුවන් 160 කට පමණ ක්ෂය රෝගය වැළඳී ඇතැයි කොළඹ දිස්ත්‍රිත් ක්ෂය රෝග හා ළය රෝග ජාතික වැඩසටහනේ වෛද්‍ය ලක්මාල් විජේරත්න මහතා පැවසීය.

මෙයින් ක්ෂය රෝගීන්  ලෙස හඳුනාගත් සිරකරුවන් 100 – 120 අතර සංඛ්‍යාවක් වැලිකඩ මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල  හා කායික අංශ වල සිටින බවද ඒ මහතා කීය.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ මේ අතරින් විශාල පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබයි.