සිරකරුගේ පාවහන් යුගලයේ හලෝ හතරක්


(ඉන්දිකා රාමනායක)

පාවහන් යුගලක්  තුළ සූක්ෂමව සඟවාගෙන ආ ජංගම දුරකථන 04ක් කළුතර බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කළ සිරකරුවෙක් බන්ධනාගාර  නිලධාරීන් විසින්  අද අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ගංජා ළග  තබා ගැනීම  සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිරදඬුවම් නියම කරනු ලැබූ සිරකරුවකු බව  බන්ධනාගාර  මාධ්‍ය ප‍්‍රකාශක , පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්  චන්දන ඒකානායක මහතා පවසයි.

මෙම සිරකරු    කළුතර බන්ධනාගාර වෙත  ගෙන ගොස්  එහි නිලධාරීන්  පරීක්ෂාවට ලක් කිරීමේ ඔහු පැළද සිටි පාවහන් යුගළෙ  ජංගම දුරකතන 4 ක්  සගවාගෙන සිටියදී සොයා ගත් බවද  හෙතෙම කියා සිටියේය.