ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට ආධාර පිණිස වාර්ෂිකව එළිදැක්වෙන සිරකරු සැමරුම් දින කොඩියේ පළමු කොඩිය ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ උප සභාපති ඩබ්ලිව්.ඒ.එල්. වීරසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැළැඳවීම අද (12) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිළ නිවසේදී සිදු කෙරිණ.


