සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේන් සංදේශයක්


(නිමල කොඩිතුවක්කු)

බන්ධනාගාර තුළ සිදුවන අසාධාරණ ක‍්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්‍යාලයට හෙට (14) සංදේශයක් භාර දෙන බව  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප‍්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා පැවැසීය.

දිගින් දිගටම බන්ධනාගාර රැඳවියන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය.

බන්ධනාගාර රැඳවියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම බන්ධනාගාර රැඳවියන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ආහාර පාන, ඉඩ පහසුකම් නොලැබීම ආදී ගැටලූ සම්බන්ධයෙන් මෙම සංදේශය මගින් කරුණු දැනුවත් කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.