බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන මැරූ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ විත්තිකරුවන් හය දෙනාට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි පැමිණිල්ලේ නීතිවේදිනී අයේෂා ජිනසේන මෙනවිය දින 10 ක් ද පැය 55 පුරා පැමිණීල්ලේ දේශනය පවත්වමින් කීවාය.
පැමිණිල්ලේ මෙන්ම විත්තියේද සාක්කි අවසන් කිරිමෙන් අනතුරුව පැමිණිල්ලේ හා විත්තියේ දේශනා ඉදිරිපත් කිරිම ආරම්භ විය.
පැමිණිල්ලේ දේශනා අවසන් කීරිමෙන් අනතුරුව පළමු සැකකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා විත්තියේ දේශනා ආරම්භ කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ලලිත් ජයසුරිය (සභාපති), කුසලා සරෝජනි වීරවර්ධන සහ අමේන්ද්‍ර සෙනෙවිරත්න යන මහත්වරුන්ගෙන් සැඳුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කෙරේ.
2013 අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කොළඹ දී මොහොමඩ් ෆවුස්ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ සමඟ සියාම් පැහැරගෙන ගොස් දොම්පේ දී ඝාතනය කරන ලදැයි 2 සිට 6 දක්වා වු විත්තිකරුවන්ට එරෙහිව ද ඒ සඳහා ඔවුනට ආධාර අනුබල ලබාදෙන ලදැයි වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ද නීතිපති චෝදනා නඟා ඇත. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, උප පොලිස් පරික්ෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, කොස්තාපල්වරුන් වන (51799) ගාමිණි සංජිව, (61816) කැලුම් රංගන දිසානායක සහ වාස්ගේ පුත් රවිදු සමීර වාස් ගුණවර්ධන චෝදනා ලැබ සිටිති.

