බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි කියන නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ දේශන අගෝස්තු තුන් වැනි දා සිට දිනපතා ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) නියෝග කළේය.
ලලිත් ජයසූරිය, කුසලා සරෝජිනී වීරවර්ධන සහ ආමේන්ද්‍ර සෙනවිරත්න යන මහාධිකරණ විනිසුරුවරු නඩුව විභාග කරති.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු පිරිසක් ඇප පිට සිටිති.
අධිකරණයේ විශේෂ ප්‍රකාශයක් කරමින් වාස් ගුණවර්ධන මහතා කීවේ මේ ඝාතනයට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

