(දසුන් රාජපක්ෂ)
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශීය සංචාරකයන් සමඟ වැඩ කළ සියලු සංචාරක මඟ පෙන්වන් පරීක්ෂාවට ලක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා සංචාරක රියදුරු මාර්ගෝපදේශ සංගමය පවසයි.
ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ පළමු කොරෝනා රෝගියා සිය සංගමය නියෝජනය කළ පුද්ගලයකු වන අතර ඒ කෙරෙහි සැළකිල්ලට ගනිමින් මෙම ඉල්ලා සිටීම කරන බව එම සංගමයේ සභාපති චන්දිම ජයවීර මහතා අද (16) සඳහන් කළේය.
ශ්‍රී ලංකා සංචාරක රියදුරු මාර්ගෝපදේශක සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයන් 1200 දෙනෙකු දෙනෙකු සිටින බව ද ඔවුන් පරීක්ෂා කිරීම සඳහා නිවැරදි ක්‍රමවේදයක් රජය සකස් කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
සංචාරක ක්ෂේත්‍රයට බලපෑමක් සිදු නොවන අයුරින් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට මඟපෙන්වීමේ කටයුතුවලින් මාස දෙකක කාලයක් වැළකී සිටීමට සිය සංගමය තීරණය කළ බවද බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සිය සංගමයේ සාමාජිකයකු වන ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා රෝගියා ගමන් කළ සීගිරිය දඹුල්ල සහ නුවරඑළිය ප්‍රදේශයන් වලදී ආශ්‍රය කළ සංචාරක මඟපෙන්වන්නන් සංචාරක රියදුරන් රියැදුරු සහායකයන් සහ හෝටල් සේවකයන් 100 කට අධික පිරිසක් සිටින බව වාර්තා වන්නේ යැයි කී ඒ මහතා එම පිරිස ද පරීක්ෂාවට ලක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පැවසීය.

