(බිඟුන් මේනක ගමගේ)
ප්‍රතිකාර සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ - චැනලින් සේවාව සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවසයි.
මෙම වැඩසටහන මගින් බාහිර ප්‍රතිකාර අංශයට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරයා මුණගැසීමට කලින් වේලාවක් වෙන්කරවා ගත හැකි යැයි එහි නියමු ව්‍යාපෘතිය දොම්පේ දිසා රෝහලේ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන්නේ යැයි ද ඉක්ටා සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ඉක්ටා) මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
දුරකථන අංක 071 5225225 ඇමැතීමෙන් www.echannelling.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඉ-චැනලින් ඇප් එක තම ජංගම දුරකථනයේ ස්ථාපනය කරගැනීමෙන් මෙම පහසුකම ලබාගත හැකි බව ඉක්ටා ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.