( ජුඩ් සමන්ත )
වෙසක් සමයේ පවත්වන සියළුම දන්සැල් ඒ ඒ ප්‍රදේශ අයත් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
සැදෑහැ සිතින් පවත්වන දන්සැල්වලින් බැතිමතුන්ට සුරක්ෂිත පිරිසිදු ආහාර පාන ලබා ගැනීමට අවස්ථාව සැළසීම මෙහි අරමුණ බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
ලියාපදිංචි කරන සියලුම දන්සැල්වල සංවිධායකයින් හමුවී උපදෙස් ලබා දීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කරන බව ද ඒ මහතා කියයි.
එමෙන්ම සියලුම දන්සැල් දැඩි පරීක්ෂාවකට ලක්කරන බවත් ගැටළුසහගත දන්සැල් සම්බන්ධයෙන් වාර්තා වුවහොත් අඩු පාඩු සකස් කර පවත්වා ගෙන යා හැකිනම් ඒ සදහා අවශ්‍යය කටයුතු සුදානම් කරන බවත් රෝහණ මහතා පවසයි.
බැතිමතුන්ගේ ආහාරවල සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉන් ඔබ්බට ගිය ක්‍රියා මාර්ගයකට හෝ අවතීර්ණ වීමට තම සාමාජිකයින් සුදානමින් සිටින බවත් උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
වෙසක් සමයේ දන්සැල් පරීක්ෂා කිරීම සදහා දිවයින පුරා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 2000 ක් පමණ සේවයේ යොදවා ඇත.

