(යොහාන් භාසුර)
සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන ලබන 12 සහ 13 දෙදින නැවත විවෘත කිරීමට තීරණය කර ඇතැයි වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්‍ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා තොග වෙළදාමට පමණක් මෙසේ ආර්ථික මාධ්‍යස්ථාන විවෘත කරන බවත් එම අමාත්‍යංශය කියයි.

