සියයට 25ක වැටුප් වැඩිවීමත් එපා කියයි
විදුලි, ඛනිජතෙල් හා ජලසම්පාදන සේවකයිනට සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබා දීමට රජය තීරණය කරයි. රජය මීට කලින් තීරණය කර තිබුණේ සියයට 18කින් වැටුප් වැඩි කිරීම සඳහාය. නව වැටුප් ක්‍රමය පිළිනොගන්නා බවත් සියයට 45කින් වැටුප් වැඩි කර ගැනීම තම අරමුණ බවත් ලංකා විදුලි එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් හා ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක යන මහත්වරු පවසති.

