සිම්බාබ්වේ හිටපු මුදල් ඇමති පොලිසියට බාරදෙයි


සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේ වටා සිටි ‘අපරාධකරුවන්ට‘ එරෙහිව කරන ලදැයි පැවසෙන හමුදා ක්‍රියාන්විතයේ දී අත්අඩංගුවට ගෙන සිටි එරට හිටපු මුදල් අමාත්‍ය ඉග්නේෂියස් චොම්බෝ මහතා පොලිසියට බාර දී ඇතැයි වාර්තා වේ.

හිටපු මුදල් අමාත්‍යවරයාගේ ඥාතියකු වන අනන්‍යතාව හෙළි කිරීමට අකමැති පුද්ගලයකු පැවසුවේ චොම්බෝ මහතා හමුදා අත්අඩංගුවේ සිටියදී බරපතල ලෙස පහර කෑමට ලක්ව ඇති බවයි.

හිටපු මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමාට වාර්තා නොවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක චැරිටි චරම්බා පවසයි.