( රංජන් කටුගම්පොළ සහ තිලිණි ද සිල්වා )
ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව චීන සිනෝෆාම් එන්නත භාවිත කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජනතා ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජාතික ව්‍යාපාරය එහි සභාපති ලවී බෙනඩික් හා සමලේකම් ක්‍රස්ටින් පෙරේරා මහත්වරු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාජිකයින් ඇතුළු පිරිසක් නම්කරුනු ලැබ සිටිති.

