සිනමා ටැඹක් නිහඬ වෙයි


ප්‍රවින චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයකු වූ ඇන්ඩෲ ජයමාන්න ඉතාලියේ දී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 71 වැනි වියේ පසුවූ ජයමාන්න මහතා හාරලක්ෂය, හංසවිලක්, තුන්වැනියාමය, සතිපූජා, සුද්දිලාගේ කථාව, සෙයිලම සිරිමැදුර, විසිදැල, මංගල තෑග්ග වැනි සම්මානනීය සිනමා නිර්මාණ රැසක කැමරා අධ්‍යක්ෂවරයා වූයේය.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කටයුතු ආරම්භයේ පටන්ම පුරෝගාමී නිර්මාණ ශිල්පියකු වූ හෙතෙම පිටපත් රචනය, අධ්‍යක්ෂණය හා සංස්කරණයෙන් ද නිර්මාණ ශීලී දායකත්වය සැපයුවේය.

 Androo