අනූව දශකයේ මුල් භාගයේදී ගුවන් විදුලියෙන් ඇසුණු මේ ගීතය රසික රසිකාවියන් බොහෝ ගණනකගේ පෙම් හදවත් අවදි කළේය. මේ සිහින් ආදරණීය හෙඬ් හිමිකරු කව්දැයි සොයන්නට ඔහුවූ ඊළඟට පටන් ගත්හ. කුමාරසිරි පතිරණ යන නම ඔවුනට හමුවන්නේ එහිදීය.
මේ රසිකයෝ ඉනික්බිති සොයන්නට පටන් ගත්තේ කුමාරසිරි පතිරණ ගැයූ තවත් ගී තිබෙද කියාය. එහිදී ඔවුනට හමුවූයේ පුංචි පුතු මගේ, ඔබට ලියනා මුල්ම ලිපියයි සහ සඳසේ උදාවී නම් වන ගීත තුනයි.
මේ ගීත කුමාරසිරි පතිරණ හා පුරා කියා ගැයූ ගීත හතරයි.
මේ ගී හතර ගයා ගුවන් විදුලියට බාර දී මේ වනවිට වසර විසිපහක් ඉක්ම ගොසිනි. ජීවිත කාලයකදී වසර විසි පහක් යනු සැලකිය යුතු කාල පරිච්ෙඡ්දයකි. විශේෂයෙන්ම වසර විසි පහකට කළින් ගැයූ ගීත හතරම අදටත් එකසේ ජනප‍්‍රියව තිබීම සුළුවෙන් තැකිය යුතු කාරණාවක් නොවේ. මන්දයත් බොහෝ ගීත ආවා ගියා පමණක් විනා රසික හදවත් තුළ අමරණීයව සටහන් වන්නේ නැති නිසාය.
ඒ අතින් කුමාරසිරි පතිරණ වාසනාවන්තයෙකි. ඔහු විසිපස් වැනි වසර සමරමින් නෙළුම් පොකුණේ ගී මකරන්ද අවදි කරන්නේ ඔහු සතු වාසනා බලයේ මහිමය නිසාමය. ඉතින් අපි කුමාරසිරි පතිරණ සඳැල්ලට කැඳවමු.
මම ඔහුගෙන් මුලින්ම අසන්නේ සිතින් පතා ඉන්නම් සහ අනෙකුත් ගීත තුන බිහිවීම පිළිබඳවය.
ඊට කලින් මම ගීත ගායනයට පිවිසීම ගැන චුට්ටක් කියලා ඉන්නද?
කුමාරසිරි ඇසුවේය.
ඔහු හිතින් පතා ඉන්නට ඇත්තේ ද ගායකයකු වීමට නම් ඒ අතීතය නොකියා සිටිය නොහැකිය.
එබැවින් ඒ අතීතයේ පිටු එකින් එක පෙරලන්නට මම අවසර දෙමි.
‘‘මම පොලොන්නරුවෙ තෝපාවැව විදුහලේ සිසුවෙක්. එක වසරක පාසලේ සාහිත්‍ය සංගමය මගින් ගායනා තරගයක් පැවැත්තුවා. මේ වෙද්දී මගේ වයස අවුරුදු දහ තුනක් ඇති. මම මේ තරගයට ඉදිරිපත් වුණා. මම එදා ගායනා කළේ මොහොමඞ් රාෆිගෙ තෙරේ මේරේ මෙලන් කීයේ කියන ගීතය. මේ ගීතය නිසා මම මේ තරගයේ පළවෙනියා වුණා. එදා තමයි මම තේරුම් ගත්තෙ මට සිංදු කියන්න පුලූවන් කියලා.
ඊට පස්සෙ මම පොලොන්නරුවෙ ආරම්භ කරපු සුපර් ෆ්‍රෙන්ඞ්ස් කියන වාදක කණ්ඩායමේ නිත්‍ය ගායකයා බවට පත් වුණා. ඔය අතරෙදී මම පොලොන්නරුවෙ පවත්වපු පළමුවෙනි ඒක පුද්ගල ගී ප‍්‍රසංගය පැවැත්වුවා. තනිකරම හින්දි ගීතවලින් සමන්විත වුණු මේ ප‍්‍රසංගයේ නම වුණේ කුමර ගී එදා හෝල් එක එකම හිස් ගොඩක් බවට පත් වුණේ මාව ප‍්‍රදේශයේ අතිශය ජනප‍්‍රිය ගායකයෙක් බවට පත්කරමින්.
ඊට අවුරුද්දකට විතර පස්සෙ මම තවත් ඒක පුද්ගල ගීත ප‍්‍රසංගයක් පැවැත්වුවා. මේ ප‍්‍රසංගයේ සංගීතය සැපයුවෙ ඒ කාලෙ ලංකාවෙම ජනප‍්‍රියත්වයට පත් වුණු වාදක කණ්ඩායමක් සුපර් සෙවන් කියලා. මේ කණ්ඩායමේ හිටපු අශෝක පීරිස් කිව්වා මම පොලොන්නරුවෙ නෙමෙයි සිටිය යුත්තෙ කොළඹය කියලා. ඊට පස්සෙ මට කොළඹ තිබුණු ප‍්‍රසංගවල ගීත ගයන්න ඔහු ඉඩ දුන්නා.
මේ 88/89 කාලෙ රටම භීෂණයෙන් පිරිල තිබුණේ. ඒත් මම කොළඹ ඇවිත් ගීත ගායනා කිරීම කළා. ඔන්න ඔය අතරෙදී තමයි මම අර සිංදු හතර ලියලා තනු නිර්මාණය කරලා රෙකෝඞ් කළේ. ඒක ගුවන් විදුලියට දුන්නට පස්සේ මට සරල ගී පරීක්ෂණයට සහභාගී වෙලා ශ්‍රේණිගත ශිල්පියෙක් වෙන්න සිදු වුණා. කොහොම හරි ගුවන් විදුලියෙ මේ ගීත ප‍්‍රචාරය වුණේ කුමාරසිරි පතිරණ ජනප‍්‍රිය ගායන ශිල්පියෙක් බවට පත් කරමින්.
සඳසේ උදා වී මහදේ රැඳී
හැමදාම සිටියේ ඔබයි
අප පෙම් කතාවේ දුක් ශෝක සංඛා
මෙතෙකින් නිමා වූ වගයි
මේ කුමාරසිරි මුලින්ම ගායනා කළ ගීතයකි.
මේ ‘‘සඳ සේ උදා වී’’ ගීතය ඔබ ලිව්වෙ ඔබ ගැහුවෙ කාටද කියලා මං අහන්නද?
මම කුමාරසිරිගෙ මුහුණ බලමි. මේ ගීතය ඔහුගෙ පෞද්ගලික අත්දැකීමකයි මට සිතුණු බැවිනි.
”ඇත්තටම මේක පෞද්ගලික අත්දැකීමක් තමයි. මගේ පෙම්වතිය වුණේ චන්ද්‍රා අමරසිංහ නම් යුවතියක්. ඇයත් මමත් එකම විදුහලේ. මම මේ සිංදුව ලිව්වෙ ඇයට. ඇයත් මමත් විවාහ වූ දවසෙ.”
කුමාරසිරි ඊළඟට කැසට් පටයක් කළේය. මන්දයත් මේවන විට කැසට් පටය සිංහල සංගීත ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කර තිබූ බැවිනි. එහෙත් ඔහුට කැසට් පටය සඳහා නැකැත්කරුවා දුන්නේ ”ප” යන්නෙන් ඇරඹෙන නමක් යොදන්නටය.
ඉතිං?
මම කුමාරසිරිට ඒ කතාව කියන්නට ඇරියුම් කරමි.
ඒත් ‘ප’ යන්නෙන් පටන් ගත්තු ගීතයකට මට තිබුණෙ පුංචි පුතු මගේ විතරයි. ඒත් පේ‍්‍රම ගීත එකතුවකට ඒ නම ගැලපෙන්නෙ නැහැනේ. පස්සෙ මම ලිව්වා අලූත් ගීතයක්.
පිවිතුරු හද ළඟ
සදා හඬමි මා
ඔබ ගැන සිහි කරලා
සුදු මල් මිට ගෙන
දෑස පියා ඔබ
අපගෙන් වෙන්ව ගියා
ඊට පස්සෙ මම නැවතත් ජොතිෂ්‍යවේදියා ළඟට ගියා. පිවිතුරු හද ළඟ නමින් කැසට් පටය නම් කරනවා කිව්වාම ඔහු මට අනාවැකියක් කිව්වා. ඒ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම පොලොන්නරුවෙන් යනවා කියලා. ඒ තරමටම මම ජනප‍්‍රිය වෙනවා කියලා ඔහු කිව්වා වගේම මගේ කැසට් පටය උණු කැවුම් වගේ අලෙවි වුණා. ඊට පස්සේ අවුරුදු පතා කැසට් පට කරන්න මට පුලූවන් වුණා.
මොනවද ඒ කැසට් පට? යැයි මම කුමාරසිරිට බාධා කරමි.
සිහිනයකි ඔබේ ආදරේ, හිරු සඳු පවා හඬාවී, පිපි මල් මිටක්, එච්චරටම ආදරයක්, ආයෙත් ආදරයක් ඇවිදින්, හිතට ආපු ආදරේ, මගේ දේවි, සිතේ පිරුණු ආදරේ.
කුමාරසිරි පතිරණ පිවිතුරු හද ළඟ යන වචන තුනට කොයිතරම් ආදරය කළාද කියතොත් ඔහු ඒ නමින් නවකතාවක්ද ලිව්වේය. ලියන්නට හපන් ගායකයකු වන කුමාරසිරි ඔහුගේ ඒක පුද්ගල ගී ප‍්‍රසංගයද ඒ නමින්ම නම් කළේය. ඒ ඔහු පිවිතුරු හද ළඟ නවාතැන් ගත් වාසනාවන්තයකු වන නිසාමය.
ශාන්ත කුමාර විතාන