සිතාසියක් බාරදෙන්න ගිය කොස්තාපල්ට ගහලා


(කේ. බුද්ධික කුමාරසිරි)

සිතාසියක් භාර දීම හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට නිළ ඇදුමින් සැරසී ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස්  කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන  යුද හමුදා සාමාජිකයෙකු ඇතුලු කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි

ළමා ආරක්ෂක අධිකාරියේ නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් භාර දීම සදහා  අදාල නිළධාරීයා එම නිවසට ගිය අවස්ථාවේදී පහර දුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිට ඇතැයිද පොලිසිය පවසයි

අදාල සිතාසිය භාර දීමට තොරතුරු විමසූ අවස්ථාවේදී පොලිස් නිළධාරීයාට පරුෂ වචනයෙන් බැණ වැදී එම නිළධාරීයාට පහරදීමක් සිදු කර ඇතැයි ද ඒ හේතුවෙන් අදාල නිළධාරීයා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි