(ඩයනා උදයංගනී)
නඩුවක පාර්ශවකරුවන් වෙත සිතාසි යැවීමේදී ඊමේල් සහ ජංගම දුරකතන භාවිතා කළ හැකි පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පත්කර ඇති සිවිල් නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ කමිටුව විසින් සිතාසි නිකුත් කිරීම සහ භාරදීම පිළිබඳව දැනට පවතින විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය නිර්දේශ කර ඇති බැවින් මෙම පියවර ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවසීය.
ඒ අනුව එම කමිටුව කර ඇති නිර්දේශ ඇතුළත් කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ (101 වන අධිකාරය) සංශෝධනය කිරීම සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා අධිකරණ ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

