සිත් රූ ඇඳි රූ By None // 2011 දෙසැ 09 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික චිත‍්‍ර කතා පදනම සංවිධානය කළ චිත‍්‍රකතා ශිල්පීන් 200කට වැඩි පිරිසකගේ චිත‍්‍ර ඇතුළත් ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනය මේ දිනවල කොළඹ ජාතික කලාභවනේදී පැවැත්වෙන අතර, එහි අවසන් දිනය අදට (09) යෙදී තිබේ. ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනය පසුගිය 07 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. එහිදී ජනාධිපතිවරයා විසින් චිත‍්‍රකතා ශිල්පීන් සියලූ දෙනා සමග කතාබහ කරමින්, ඔවුන්ගේ චිත‍්‍ර රසවිඳීම විශේෂත්වයකි. ජාතික චිත‍්‍රකතා පදනමේ සභාපති දයා රාජපක්‍ෂ හා ලේකම් දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරු මෙහිදී ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කර දෙමින් චිත‍්‍ර නැරඹූ අයුරුත් ප‍්‍රවීණ චිත‍්‍රකතා ශිල්පී ”විජය, බිළිඳු” පුවත්පත් කර්තෘ පියල් උදය සමරවීර හා ලංකාදීප චිත‍්‍රකතා ශිල්පි බෙල්ලන සෝමසිරි යන අය සමඟ ජනාධිපතිතුමා කතා කළ අයුරුත් ඡුායාරූපවල දැක්වේ. ”සිත්තරු ඇදි රූ” ප‍්‍රදර්ශනයේ අවසන් දිනය වන අද (09) පස්වරු 3.30ට සමාප්ති වැඩසටහන සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සහභාගි වීමට නියමිතය. ප‍්‍රදර්ශනය නැරඹීමට දහස් සංඛ්‍යාත පිරිස් මේ වන විට පැමිණ ඇති බවත්, නමින් හා චිත‍්‍රකතාවලින් පමණක් දැන සිටි චිත‍්‍රකතා ශිල්පීන් රසියන්ට හඳුනා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වූ බවත් ජාතික චිත‍්‍රකතා පදනමේ සභාපති දයා රාජපක්‍ෂ ”රසවින්දනට” පැවසීය. ඡායාරූප ශාන්ත රත්නායක Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත