අනූ හත් ලක්ෂයක් වටිනා නිල් මැණික්, රෝස මැණික් හා කහ මැණික් (පුෂ්පරාග) සිගරැට් පැකට්ටුවක බහා එය සාක්කුවේ දාගෙන ඩුබායි යාමට ආ ඉන්දීය ජාතිකයකු කටුනායක රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. කහ මැණික් හෙවත් පුෂ්පරාග ඉන්දියාවේ පුද පූජවලට බහුලව යෙදාගන්නා අතර අපල දුරුකිරීමට පුෂ්පරාග හේතුවක් බව ඉන්දියාවේ දැඩි විශ්වාසයක් පවතී.







