සිංහාවලෝකන


ලාංකීය සිනමාවේ පළමු ක‍්‍රිකට් චිත‍්‍රපටය වූ සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්‍ෂණය කළ ”සිංහාවලෝකනය” චිත‍්‍රපටය පසුගියදා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ හොලිවුඞ්හිදී සම්මාන 4ක් හිමිකර ගැනීමට සමත්විණි. හොලිවුඞ්හි පිහිටවනු ලැබූ පළමු සිංහල චිත‍්‍රපට මණ්ඩලය වන ”ආසියානු  චිත‍්‍රපට සහ නාට්‍ය පදනම” මගින් මෙම සම්මාන පිරිනැමීම සිදුකෙරිණි. මෙහිදී අධ්‍යක්‍ෂණයට හිමි විශිෂ්ඨතා  සම්මානය සුනෙත් මාලිංග ලොකුහේවාටත්, නිෂ්පාදනයට හිමි විශිෂ්ටතා  සම්මානය පසන් චන්ද්‍රසේකර හා රවී හාන්ස්ටත්, රංගනය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ෂාන්ටත්, රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයක් චිලෝන් ජයසිංහටත් හිමිවුණි. මෙම සම්මාන උළෙලට චිත‍්‍රපටයේ සම නිෂ්පාදක පසන් චන්ද්‍රසේකර හා විධායක නිෂ්පාදක රවී හාන්ස් සහභාගි වූහ. මෙම සම්මාන දිනා ගැනීමට සමගාමීව ”සිංහාවලෝකනය” චිත‍්‍රපටය සඳහා දායකත්වය ලබාදුන් සියලූ දෙනාට ඇගැයීම් සම්මාන උළෙළක් අද (14)  ශ්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථා සිනමා  ශාලාවේදී පැවැත්වෙන බව අධ්‍යක්‍ෂ සුනෙත් මාලිංග ”රසවින්දනට” පැවසීය.