සිංහල මුස්ලිම් විරෝධය නිසා ෆෙඩරල් යෝජනාව ක්‍රියාත්මක කරන්න බෑ - විග්නේෂ්වරන්


(රොමේෂ් මධුෂංඛ)

දෙමළ ජනතාවගේ එකම විසඳුම වශයෙන් ඉදිරිපත් කළ ෆෙඩරල් යෝජනාවට නැගෙනහිර මුස්ලිම් වැසියන් හා සිංහල වැසියන් මෙන්ම රජයේ සිංහල මැති ඇමැතිවරු විරුද්ධ වීම නිසා ෆෙඩරල් යෝජනාව ක්‍රියාත්මක නොවන බවට උතුරු මහඇමති සී.වී.විග්නේස්වරන් කියයි.

තුර්කි තානාපති තුන්කා උත්සුසදර් මහතා සමඟ යාපනය නල්ලූර්හි පිහිටි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය නිල නිවසේදී පැවති සාකච්ඡාවක දීය.

 ‘‘මේ වෙකොට ෆෙඩරල් යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය පසු බහිනවා ඒකට හේතුව තමයි නැගෙනහිර සිටින මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාවගේ වගේම ආණ්ඩු පක්ෂයේ සිටින මැති ඇමතිවරුන්ගේ ෆෙඩල් විරෝධිභාවය නිසා. අපි ඉල්ලුවේ දෙමළ ජනතාවගේ අයිතියක් මේ අයගේ ගැටලු වලට විසඳුම් දෙන්න ඕන නිසයි නමුත් දැන් දෙමළ ජනතාව කොන් වෙලා ඉන්නේ . ඒ වගේමම මුලින්නම් උතුරේ සිංහල ජනතාව ජීවත් වුනේ 05%ත් 10  ත් අතර ප්‍රමාණයක් මේ වෙන කොට උතුරේ සිංහල ජනතාව 30% ත් අතර ප්‍රමාණයක් ජීවත් වෙනවා රජය හදන්නේ උතුරේ තවත් සිංහල ජනතාව පදිංචි කරන්න මේකට අපි බය වෙලයි ඉන්නේ ඒකටයි අපි ෆෙඩරල් ඉල්ලුවේ. යනුවෙන් වැඩිදුරටත් උතුරු මහඇමැති පැවසුවේය.