සිංහරාජයේ ජාන කොල්ලයක් ලංකාවට ආවේනික කෘමින් අල්ලයි By None // 2012 අප්‍රේ 25 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදේශිකයන් ලවා සිංහරාජ වනාන්තරයේ වෙසෙන ඒක දේශික (ලංකාවට පමණක් ආවේනික) කෘමින් ඇතුළු කෘමින් රැසක් ජාන ලබාගැනීම ස`දහා රැස් කිරීමේ ව්‍යාපාරයක් ඇති බවට වනජිවි දෙපාර්තමේන්තුව සැක කරයි. සංචාරක විසා මත එන ඇතැම් යුරෝපා ජාතිකයන් මෙම කෘමින් අල්ලන බවට තොරතුරු අනාවරණය කර ගැනිමට වනජිවි දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ. මකුළුවන්, තණකොළපෙත්තන්, කංගන්, කැලෑ හුනන්, පළ`ගැටියන්, කළු කැරපොත්තන් ඇතුළු කෘමීන් රැසක් සමග නෙදර්ලන්ත ජාතිකයකු කලවාන සංචාරක හෝටලයකින් දින කිහිපයකට ඉහතදී අත්අඩංගුවට ගත් බව ද දෙපාර්තමේන්තුව පවසයි. ඇමැස්ටර්ඩෑම් නුවර පදිංචි විජ්නාඞ් රොයෙලොන් බරෙන්ඞ් හෙයිට්මන් (58* රිමාන්ඞ්භාරයට පත්කර ඇත.ඔහු සිටි හෝටල කාමරයේ තිබී කෘමීන් රැසක් සොයාගනු ලැබීය. කුඩා පොලිතීන් කවරවල සිට මෙම කෘමීනට ආහාර ද දමා තිබිණි. මෙම නෙදර්ලන්ත ජාතිකයා 2010 දෙසැම්බර් 17 දින ලංකාවට පැමිණ 2011 ජනවාරි 8 දින පිටව ගොස් ඇති අතර 2012 අපේ‍්‍රල් 5 දින යළ ලංකාවට පැමිණ ඇත. ඔහු එරට රසායනාගාර විශේෂඥයකු බව පවසා ඇතත් සනාථ කිරීමට ලියකියවිලි සතුව තිබී නැත. මීට පෙර සිංහරාජ වනාන්තරයේ සමනලයින් ඇල්ලූ විදේශකයෙක් අත්අඩංගුවටගනු ලැබීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත