(ඩයනා උදයංගනී)
සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා කලවාන දොලේකන්ද ප්‍රදේශයේ රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.
එම අලි දෙදෙනාට ගැළපෙන පාරිසරික තත්ත්වයන් සහිතව රැදවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා කලවාන දොලේකන්ද ග්‍රාම නිලධාරී වසමේ පාරුගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 36ක පමණ භූමි ප්‍රදේශයක් පවරා ගැනීමට තිරසර සංවර්ධන වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
වන අලි දෙදෙනාගේ ආරක්ෂාව මෙන්ම අවට ගම්වාසීන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව සදහා කඩිනම් පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.