සිංහරාජයේ අලි දෙදෙනා ඉවත් නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස්


සිංහරාජ  රක්ෂිතයේ සිටින දුර්ලභ අලි   දෙදනා එම රක්ෂිතයේම රඳවා තබන ලෙස  වන නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.


සිංහරාජ වනාන්තරයේ වෙසෙන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සිංහරාජ අඩවිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇතැයි යුනෙස්කෝ සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් එවමින් දන්වා තිබිණි. 


එම දැනුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.