(විනීතා එම් ගමගේ)
සිංහරාජ වනාන්තරයේ වෙසෙන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සිංහරාජ අඩවිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇතැයි යුනෙස්කෝ සංවිධානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් එවමින් දන්වා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති අතර එහි පවතින පරිසර පද්ධතිය තුළ අලියා සුවිශේෂි සත්වයෙක් ලෙස සැලකේ.
රට අභ්‍යන්තරයේ ඇති ලෝක උරුම භූමියක සිදුවන සියලූ නීති විරෝධී කටයුතු වැලැක්වීමට ද රජය බැඳි සිටියි.
ඒ පිළිබඳව යුනෙස්කෝ සංවිධානය නිරන්තර අවධානයෙන් පසුවේ.
එහි වෙසෙන අලියෙකු රත්නපුර ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් එහි වෙසෙන අලි දෙදෙනාම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට වන ජීවී අමාත්‍යංශය යෝජනා කර ඇති අතර යුනෙස්කෝව මෙම ඊමේල් පණිවුඩය එවා ඇත්තේ එම තීරණය සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් එම අලින් දෙදෙනා ඇල්ලීමේ කටයුත්තට පශූ වෛද්‍යවරු කිසිවෙක් සම්බන්ධ නොවන බව පශූ වෛද්‍යවරුන්ගේ සංගමය දන්වා ඇත.
සිංහරාජයේ වෙසෙන අලින් දෙදෙනා පැවැත එන ජාන ගොනුව අනෙක් අලින්ට වඩා වෙනස් වන බැවින් ඔවුන් ගෙන ගොස් රැු`දවුම් මධ්‍යස්ථානයක රැඳවීමෙන් එම සතුන්ට හානි විය හැකි බව පරිසරවේදීන් රැසක් ද පෙන්වා දී තිබේ.
අතිශයින් සංවේදී සත්වයෙක් වන අලියා ඇල්ලීම හා දුරබැහැර ප‍්‍රවාහනය කිරීම අතිශයින්ම එම සතුන්ට වේදනාකාරි වේ. ඔවුන් ප‍්‍රවාහනයේ දී මිය යාමේ ප‍්‍රවනතාවක් ද පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ද ජනාධිපතිතුමන් වෙත ලිපියක් යවමින් දන්වා ඇත.