සිංහරාජ ගෝනාට සේලයින්


සිංහරාජය ආසන්නයේ පිහිටි නෙළුව වාරුකන්දෙණියේ දී උගුලකට හසුවී බරපතල තුවාල ලබා සිටි ගෝනකුට ප්‍රතිකාර කිරීමට ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයෝ පිරිසක් කටයුතු කළහ.

ගෝනකු උගුලකට හසුවී තුවාල ලබා සිටිතැයි ගැමියන් විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි. එම දෙපාර්තමේන්තුවෙන් ලැබුණු උපදෙස් මත ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මේ කාර්යය ඉටු කළේය.

රාත්‍රියේම වනයට ගොස් ගෝනා උගුලෙන් මුදවා තුවාලවලට ප්‍රතිකාර ලබාදුන් අතර වෙහෙසට පත්ව දුර්වල වී සිටි ගෝනාට සිංහරාජ වනාන්තරයේ දී ම සේලයින් දීමට ද ඔවුහු කටයුතු කළහ. වනජීවී සංරක්ෂකයන්ගේ ප්‍රතිකාරවලින් පසු සුවය ලබමින් සිටි ගෝනාට ගැමියන්ගේ ද ආදරය කරුණාව ලැබිණි. තරමක් සුවය ලැබූ ගෝනා වැඩිදුර ප්‍රතිකාර සඳහා දැන් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ ජෛව විවිධත්ව කේන්ද්‍රයට අයත් හියාරේ වනජීවී රෝහලට ගෙනවිත් සිටියි.

IMG_4911 IMG_4913 IMG_4929 IMG_4978 IMG_4994 IMG_4998 - Copy IMG_5015