සිංහයා නරියන් නොමරන බව මර්වින් කියයි
‘‘මට තවම මද කිණේ නැහැ. මද කිපුණොත් මට විරුද්ධව වැඩ කළ හැම දෙනාටම රත්නත්‍ත්‍රයේ පිහිට පතනවා යැ‘යි මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා කොළඹ ධර්මපාල මාවතේ අමාත්‍යංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කීවේය. ‘‘හඳ මෝරන කාලෙට සමහර අයට පිස්සු හැදෙනවා. නිදන්ගත රෝග ද මතුවෙනවා. ඊට බෙහෙත් කරන්න ඕනෑ.
අප්‍රසිද්ධ අය ප්‍රසිද්ධ වෙන්නත් කතා කියනවා. මර්වින් කවුදැයි ජනතාව දන්නව. නොදැනුවත් කමින් මම දෙව්දත්තලා හා මුසිලලා ළඟ හිටියා“
‘‘සිංහයා කවදාවත් නරියකු මරාගෙන කන්නේ නැහැ. කප්පම් ගන්නවා නම්, දූෂණ වංචා කැර ඇත්නම්, පොලිසිය, අල්ලස් කොමිසම ආදියට පැමිණිලි කළ හැකියි.‘‘

