ටී.කේ.ජී.කපිල
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම පිරිස පිළිගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් කටුනායකට පැමිණ සිටියහ.
සිංගප්පූරු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 13කට පසුවය.
සිංගප්පූරු අගමැතිවරයා සමඟ 35 දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් පැමිණි අතර 24 වැනිදා ඔවුන් ආපසු සිංගප්පූරුව බලා පිටත්වීමට නියමිතය.
ඡායාරූප ඉෂාන් සංජීව




